ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة مريم - සූරා මර්යම්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
كٓهيعٓصٓ
කාෆ්, හා, යා, අයින්, සාද්.
වාක්‍යය : 2
ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ
(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.
වාක්‍යය : 3
إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا
ඔහු තම පරමාධිපති ව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය : 4
قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا
මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නොවූයෙමි.
වාක්‍යය : 5
وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا
තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳ ව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
වාක්‍යය : 6
يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا
මට උරුමකම්පාන එමෙන්ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.
වාක්‍යය : 7
يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا
අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳ ව නියත වශයෙන්ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නොතැබුවෙමු.
වාක්‍යය : 8
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا
මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවාය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 9
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا
(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.
වාක්‍යය : 10
قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا
පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගී ව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නොකිරීම ය යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 11
فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.

වාක්‍යය : 12
يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا
අහෝ යහ්යා! ධර්ම ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.
වාක්‍යය : 13
وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا
තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
වාක්‍යය : 14
وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا
තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නොවීය.
වාක්‍යය : 15
وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا
තවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!
වාක්‍යය : 16
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا
තවද මෙම ධර්ම ග්රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන් ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය) නුඹ සිහිපත් කරනු.
වාක්‍යය : 17
فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا
එවිට ඇය ඔවුන්ගෙන් වෙන් ව තිරයක් ගත්තාය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේය.
වාක්‍යය : 18
قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا
නියත වශයෙන් නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නොවනු) යැයි ඇය පැවසුවාය.
වාක්‍යය : 19
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا
‘නියත වශයෙන්ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 20
قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا
‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නොතිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නොවූයෙමි’ යැයි ඇය පැවසුවාය.
වාක්‍යය : 21
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا
එය එලෙසය යැයි ඔහු පැවසුවේය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිසය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේය.
වාක්‍යය : 22
۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا
එවිට ඇය ඔහු ගැබ් ගත්තාය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියාය.
වාක්‍යය : 23
فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا
විලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නොවේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නොවේදැ?යි පැවසුවාය.
වාක්‍යය : 24
فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا
‘නුඹ දුක් නොවනු සැබැවින්ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතීය.
වාක්‍යය : 25
وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا
ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත.

වාක්‍යය : 26
فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا
එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින්ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමග සැබැවින්ම මම කතා නොකරන්නෙමි යැයි පවසනු.
වාක්‍යය : 27
فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا
ඔහු ව උසුලා ගෙන ඔහු සමගම ඇයගේ සමූහයා වෙත ඇය පැමිණියාය. ‘අහෝ මර්යම්! සැබැවින්ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 28
يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا
අහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නොවීය. එමෙන්ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නොවූවාය.
වාක්‍යය : 29
فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا
එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළාය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 30
قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا
නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 31
وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا
මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා සකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේය.
වාක්‍යය : 32
وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا
තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්‍යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නොකළේය.
වාක්‍යය : 33
وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا
තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!
වාක්‍යය : 34
ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ
එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.
වාක්‍යය : 35
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නොවීය. ඔහු සුවිශුද්ධය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණය. එය සිදු වනු ඇත.
වාක්‍යය : 36
وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි.
වාක්‍යය : 37
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ
එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා!
වාක්‍යය : 38
أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ
ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.

වාක්‍යය : 39
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ
ඔවුන් විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.
වාක්‍යය : 40
إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ
නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙතමය.
වාක්‍යය : 41
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا
ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම් ව මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.
වාක්‍යය : 42
إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا
මාගේ පියාණනි! සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය : 43
يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا
මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින්ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.
වාක්‍යය : 44
يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا
අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය.
වාක්‍යය : 45
يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا
අහෝ ! මාගේ පියාණනි, ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහිය.
වාක්‍යය : 46
قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا
නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහටම ඈත් ව සිටිනු යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 47
قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا
ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.
වාක්‍යය : 48
وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا
තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.
වාක්‍යය : 49
فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
වාක්‍යය : 50
وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු.
වාක්‍යය : 51
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا
තවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.

වාක්‍යය : 52
وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا
තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.
වාක්‍යය : 53
وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙස ඔහුට පිරිනැමුවෙමු.
වාක්‍යය : 54
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا
ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.
වාක්‍යය : 55
وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا
තවද ඔහු සලාතය හා සකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.
වාක්‍යය : 56
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا
තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු සත්යවාදී නබිවරයකු විය.
වාක්‍යය : 57
وَرَفَعۡنَٰهُ مَكَانًا عَلِيًّا
තවද අපි උසස් ස්ථානයකට ඔහු ව උසස් කළෙමු.
වාක්‍යය : 58
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩
ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමග අපි ඉසිලූ අයගෙන්ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.
වාක්‍යය : 59
۞ فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا
ඔවුනට පසු ව පසුපරම්පරාවක් පැමිණියේය. ඔවුහු සලාතය පැහැර හැරියෝය. තවද ආශාවන් අනුගමනය කළෝය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.
වාක්‍යය : 60
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا
නමුත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නොලබති.
වාක්‍යය : 61
جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا
(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්යමාන සදාතනික (ස්වර්ග) උයන්ය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
වාක්‍යය : 62
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا
තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නොදෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.
වාක්‍යය : 63
تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيّٗا
එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.
වාක්‍යය : 64
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا
තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නොවීය. (යැයි ජිබ්රීල් පැවසීය.)

වාක්‍යය : 65
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا
(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
වාක්‍යය : 66
وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا
තවද මා මිය ගිය විට ජීවය ලබා මා මතු බැහැර කරනු ලබන්නෙම් දැයි මිනිසා විමසා සිටියි.
වාක්‍යය : 67
أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـٔٗا
මීට පෙර කිසිවක් ලෙස නොපැවති තත්ත්වයෙන් සැබැවින්ම අපි ඔහු ව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නොවේ ද?
වාක්‍යය : 68
فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින්ම අපි ඔවුන් හා ෂෙයිතානුන් ව නැවත රැස් කරන්නෙමු. පසු ව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු.
වාක්‍යය : 69
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيّٗا
පසු ව සෑම කණ්ඩායමකින්ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන් ව අපි වෙන් කරන්නෙමු.
වාක්‍යය : 70
ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيّٗا
එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳ ව අපි මැනවින් දනිමු.
වාක්‍යය : 71
وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا
තවද නුඹලා අතරින් එය තරණය නොකරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය.
වාක්‍යය : 72
ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيّٗا
පසු ව අපි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.
වාක්‍යය : 73
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا
තවද අපගේ වදන් පැහැදිලි ව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ’යි දේවත්වය විශ්වාස කරන්නන් හට පැවසුවෝය.
වාක්‍යය : 74
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثٗا وَرِءۡيٗا
තවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?
වාක්‍යය : 75
قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا
කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන්ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය) නුඹ පවසනු.
වාක්‍යය : 76
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا
යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂ ව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම්ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය.

වාක්‍යය : 77
أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا
අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නොදුටුවෙහිද? සැබැවින්ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසීය.
වාක්‍යය : 78
أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?
වාක්‍යය : 79
كَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا
එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.
වාක්‍යය : 80
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا
තවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනි ව පැමිණෙනු ඇත.
වාක්‍යය : 81
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا
තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝය.
වාක්‍යය : 82
كَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا
එසේ නොව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහි ව ම‍ොවුන් සිටිනු ඇත.
වාක්‍යය : 83
أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹවන ෂෙයිතානුන්ව සැබැවින්ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නොදුටුවෙහිද?
වාක්‍යය : 84
فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا
එහෙයින් ඔවුනට එරෙහි ව නුඹ ඉක්මන් නොවනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු.
වාක්‍යය : 85
يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا
එදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු.
වාක්‍යය : 86
وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا
තවද වැරදිකරුවන් පිපාසයෙන් යුතු ව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.
වාක්‍යය : 87
لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නොදරනු ඇත.
වාක්‍යය : 88
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය : 89
لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدّٗا
සැබැවින්ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.
වාක්‍යය : 90
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا
ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.
වාක්‍යය : 91
أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدٗا
(එසේ සිදුවන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුන් අමතන හෙයිනි.
වාක්‍යය : 92
وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا
තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්‍ය නොවීය.
වාක්‍යය : 93
إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا
අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙසම පැමිණෙන්නේමය.
වාක්‍යය : 94
لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدّٗا
සැබැවින්ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන්ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.
වාක්‍යය : 95
وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනි ව පැමිණෙනු ඇත.

වාක්‍යය : 96
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَيَجۡعَلُ لَهُمُ ٱلرَّحۡمَٰنُ وُدّٗا
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි.
වාක්‍යය : 97
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلۡمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوۡمٗا لُّدّٗا
එසේ නුඹගේ බසින්ම අපි එය පහසු කරනුයේ එමගින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමගින් නුඹ අවවාද කිරීමටය.
වාක්‍යය : 98
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هَلۡ تُحِسُّ مِنۡهُم مِّنۡ أَحَدٍ أَوۡ تَسۡمَعُ لَهُمۡ رِكۡزَۢا
තවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවාද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහිද?
එවීම සාර්ථකයි