ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة طه - සූරා තාහා

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
طه
තාහා
වාක්‍යය : 2
مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ
නුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නොකළෙමු.
වාක්‍යය : 3
إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ
බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නොකළෙමු).
වාක්‍යය : 4
تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى
(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
වාක්‍යය : 5
ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ
මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.
වාක්‍යය : 6
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතුය.
වාක්‍යය : 7
وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى
තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින්ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන්ම ඔහු දනී.
වාක්‍යය : 8
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ
අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාම ඇත.
වාක්‍යය : 9
وَهَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?
වාක්‍යය : 10
إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى
ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේය.
වාක්‍යය : 11
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ
ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබීය.
වාක්‍යය : 12
إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى
නියත වශයෙන්ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන්ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහිය’.

වාක්‍යය : 13
وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ
තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.
වාක්‍යය : 14
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ
නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු.
වාක්‍යය : 15
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ
නියත වශයෙන්ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකටම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.
වාක්‍යය : 16
فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ
එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නොකර තම ආශාවන් අනුගමනය කළ අය නුඹ ව එයින් නොවැළැක්විය යුතුය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහිය.
වාක්‍යය : 17
وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ
තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
වාක්‍යය : 18
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසුවේය.
වාක්‍යය : 19
قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
වාක්‍යය : 20
فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ
එවිට ඔහු එය බිම හෙළුවේය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
වාක්‍යය : 21
قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ
නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නොවනු. එහි මුල් ස්වභාවයටම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
වාක්‍යය : 22
وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ
තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොර ව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.
වාක්‍යය : 23
لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى
(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිසය.
වාක්‍යය : 24
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
වාක්‍යය : 25
قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي
(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.
වාක්‍යය : 26
وَيَسِّرۡ لِيٓ أَمۡرِي
තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!
වාක්‍යය : 27
وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي
තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!
වාක්‍යය : 28
يَفۡقَهُواْ قَوۡلِي
මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..
වාක්‍යය : 29
وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي
තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!
වාක්‍යය : 30
هَٰرُونَ أَخِي
මාගේ සහෝදර හාරූන් ව..
වාක්‍යය : 31
ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي
ඔහු මගින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!
වාක්‍යය : 32
وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي
තවද මාගේ කරුණෙහි ඔහු ව ද හවුල් කරවනු මැනව!
වාක්‍යය : 33
كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا
අධික ව අපි නුඹ ව පිවිතුරු කිරීම සඳහා..
වාක්‍යය : 34
وَنَذۡكُرَكَ كَثِيرًا
තවද අධික ව අපි නුඹ ව මෙනෙහි කිරීම සඳහා.
වාක්‍යය : 35
إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا
නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.
වාක්‍යය : 36
قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ
අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 37
وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ
තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින්ම උපකාර කළෙමු.

වාක්‍යය : 38
إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ
(නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය : 39
أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ
පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසු ව ගඟහි එය දමනු. ගඟ ඔහු ව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිසය.
වාක්‍යය : 40
إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ
නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.
වාක්‍යය : 41
وَٱصۡطَنَعۡتُكَ لِنَفۡسِي
තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹ ව සූදානම් කළෙමි.
වාක්‍යය : 42
ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي
නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමග පිටත් ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නොවනු.
වාක්‍යය : 43
ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
වාක්‍යය : 44
فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ
එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.
වාක්‍යය : 45
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ
අපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන්ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
වාක්‍යය : 46
قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ
නුඹලා දෙදෙනා බිය නොවනු. නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනා සමග සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 47
فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ
එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමග සැබැවින්ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!
වාක්‍යය : 48
إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ
නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.
වාක්‍යය : 49
قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ
නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.
වාක්‍යය : 50
قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ
අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.
වාක්‍යය : 51
قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ
එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක්දැ?යි ඔහු විමසීය.

වාක්‍යය : 52
قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى
ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසීය.
වාක්‍යය : 53
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේය. තවද අහසින් ජලය පතිත කර එමගින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වීය.
වාක්‍යය : 54
كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ
නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුන් හට සංඥාවන් ඇත.
වාක්‍යය : 55
۞ مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ
(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.
වාක්‍යය : 56
وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ
සැබැවින්ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
වාක්‍යය : 57
قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ
අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මගින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහිදැයි ඔහු පැවසීය.
වාක්‍යය : 58
فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى
එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නොවන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
වාක්‍යය : 59
قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى
නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසීය.
වාක්‍යය : 60
فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ
එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසු ව පැමිණියේය.
වාක්‍යය : 61
قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ
නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නොගොතනු. එවිට ඔහු නුඹලා ව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින්ම පරාජයට පත් ව ඇත යැයි මූසා ඔවුනට පැවසීය.
වාක්‍යය : 62
فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ
පසු ව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝය.
වාක්‍යය : 63
قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ
නියත වශයෙන්ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මගින් නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය : 64
فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ
එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසු ව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින්ම ජය ලබනු ඇත.

වාක්‍යය : 65
قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ
අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 66
قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ
‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.
වාක්‍යය : 67
فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ
එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.
වාක්‍යය : 68
قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ
නුඹ බිය නොවනු. නියත වශයෙන්ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.
වාක්‍යය : 69
وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ
තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත.
වාක්‍යය : 70
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ
එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපති ව විශ්වාස කළෙමු’ යැයි පැවසුවෝය.
වාක්‍යය : 71
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැයි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේය.
වාක්‍යය : 72
قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ
අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවිටෙක තෝරා නොගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවසුවෝය.
වාක්‍යය : 73
إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. වඩාත් ස්ථායීය.
වාක්‍යය : 74
إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
වාක්‍යය : 75
وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُوْلَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
වාක්‍යය : 76
جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.

වාක්‍යය : 77
وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ
තවද නුඹ මාගේ ගැත්තන් සමග රාත්‍රියෙහි පිටත් ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නොවනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නොවනු යැයි සැබැවින්ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.
වාක්‍යය : 78
فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ
එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමග ඔවුන් ව ලුහු බැන්දේය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන් ව වසා ගත්තේය.
වාක්‍යය : 79
وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ
තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.
වාක්‍යය : 80
يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලා ව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.
වාක්‍යය : 81
كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ
අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින්ම ඔහු විනාශ වනු ඇත.
වාක්‍යය : 82
وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ
තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි.
වාක්‍යය : 83
۞ وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ
තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී(තනිව පැමිණී)මට නුඹ ව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?
වාක්‍යය : 84
قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ
ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 85
قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ
සැබැවින්ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන් ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
වාක්‍යය : 86
فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي
එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතු ව කනස්සල්ලෙන් නැවත හැරී ආවේය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නොකළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධ ව කටයුතු කළෙහු ද?
වාක්‍යය : 87
قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ
අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නොවූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පටවන ලදී. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේම සාමිරීද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝය.

වාක්‍යය : 88
فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ
පසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියාය. මූසාගේ ද දෙවියාය. නමුත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය : 89
أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا
ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නොදක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නොදුටුවෝද?
වාක්‍යය : 90
وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي
තවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමගින් නුඹලා අර්බුදයකට පත් ව ඇත. තවද නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණිකය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසීය
වාක්‍යය : 91
قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ
මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නොවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 92
قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ
(මූසා,හාරූන් අමතා) අහෝ ! හාරූන්, ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹ ව වැළැක්වූයේ කුමක්දැ?යි විමසීය.
වාක්‍යය : 93
أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي
නුඹ මා අනුගමනය නොකරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?.
වාක්‍යය : 94
قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي
අහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නොඅල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහිය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නොවූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින්ම මම බිය වූයෙමි.
වාක්‍යය : 95
قَالَ فَمَا خَطۡبُكَ يَٰسَٰمِرِيُّ
අහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක්දැයි? ඔහු (මූසා) විමසීය.
වාක්‍යය : 96
قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي
ඔවුන් කවර කරුණක් නොදුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසු ව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසීය.
වාක්‍යය : 97
قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا
"එහෙයින් නුඹ පිටත් ව යනු. මට ළං නොවනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසු ව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 98
إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا
නුඹලාගේ දෙවියා අල්ලාහ්ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය.

වාක්‍යය : 99
كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا
(මුහම්මද්) සැබැවින්ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙසය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින්ම පිරිනමා ඇත්තෙමු.
වාක්‍යය : 100
مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا
කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.
වාක්‍යය : 101
خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا
එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.
වාක්‍යය : 102
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا
එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිත ව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.
වාක්‍යය : 103
يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا
(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නොසිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.
වාක්‍යය : 104
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا
නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නොසිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.
වාක්‍යය : 105
وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا
තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පාවී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.
වාක්‍යය : 106
فَيَذَرُهَا قَاعٗا صَفۡصَفٗا
පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.
වාක්‍යය : 107
لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا
කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නොදකිනු ඇත.
වාක්‍යය : 108
يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا
එදින ඔවුහු නිවේදකයා ව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නොවේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර වෙනත් කිසිවකට) නුඹ සවන් නොදෙනු ඇත.
වාක්‍යය : 109
يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا
මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහු ව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නොවනු ඇත.
වාක්‍යය : 110
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. නමුත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නොගනිති.
වාක්‍යය : 111
۞ وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا
තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.
වාක්‍යය : 112
وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නොවනු ඇත.
වාක්‍යය : 113
وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا
තවද එලෙසම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.

වාක්‍යය : 114
فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا
සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නොවනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.
වාක්‍යය : 115
وَلَقَدۡ عَهِدۡنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبۡلُ فَنَسِيَ وَلَمۡ نَجِدۡ لَهُۥ عَزۡمٗا
තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.
වාක්‍යය : 116
وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ
තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝය. නමුත් ඔහු පිටුපෑවේය.
වාක්‍යය : 117
فَقُلۡنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوّٞ لَّكَ وَلِزَوۡجِكَ فَلَا يُخۡرِجَنَّكُمَا مِنَ ٱلۡجَنَّةِ فَتَشۡقَىٰٓ
එවිට අහෝ ආදම්! නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
වාක්‍යය : 118
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعۡرَىٰ
නියත වශයෙන්ම නුඹ එහි කුසගින්නෙන් නොසිටින අතර තවද නිරුවතින් ද නොසිටිනු ඇත.
වාක්‍යය : 119
وَأَنَّكَ لَا تَظۡمَؤُاْ فِيهَا وَلَا تَضۡحَىٰ
තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොසිටින අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.
වාක්‍යය : 120
فَوَسۡوَسَ إِلَيۡهِ ٱلشَّيۡطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلۡ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلۡخُلۡدِ وَمُلۡكٖ لَّا يَبۡلَىٰ
ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේය. අහෝ ආදම්! සදා ජීවත් කරවන ගසක් හා විනාශ වී නොයන රාජධානියක් පිළිබඳ ව මම නුඹට දන්වන්නෙම්දැයි විමසීය.
වාක්‍යය : 121
فَأَكَلَا مِنۡهَا فَبَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ
එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. එහෙයින් ඔහු නොමග ගියේය.
වාක්‍යය : 122
ثُمَّ ٱجۡتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيۡهِ وَهَدَىٰ
පසු ව ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේය. තවද මග පෙන්වීය.
වාක්‍යය : 123
قَالَ ٱهۡبِطَا مِنۡهَا جَمِيعَۢاۖ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَنِ ٱتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشۡقَىٰ
නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්‍යවන්ත නොවනු ඇත.
වාක්‍යය : 124
وَمَنۡ أَعۡرَضَ عَن ذِكۡرِي فَإِنَّ لَهُۥ مَعِيشَةٗ ضَنكٗا وَنَحۡشُرُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَعۡمَىٰ
තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු.
වාක්‍යය : 125
قَالَ رَبِّ لِمَ حَشَرۡتَنِيٓ أَعۡمَىٰ وَقَدۡ كُنتُ بَصِيرٗا
මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.

වාක්‍යය : 126
قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ
එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහිය. එලෙසම අද දින නුඹ ව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.
වාක්‍යය : 127
وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ
තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය. තවද මතුලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය.
වාක්‍යය : 128
أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ
ඔවුනට ඔහු මග පෙන්වීම් නොකළේ ද? ඔවුනට පෙර තම වාසස්ථාන වල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමුද? නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.
වාක්‍යය : 129
وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى
නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නොවූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.
වාක්‍යය : 130
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ
එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.
වාක්‍යය : 131
وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ
තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නොකරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨය. තවද වඩාත් ස්ථායී ය.
වාක්‍යය : 132
وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ
තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයටය.
වාක්‍යය : 133
وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නොවේද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නොපැමිණියේද?
වාක්‍යය : 134
وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ
තවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින්ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුන් පවසනු ඇත.
වාක්‍යය : 135
قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ
සියලු දෙනා බලාපොරොත්තු වන්නන්ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන්දැයි ද යහ මග ගියවුන් කවුරුන්දැයි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය) නුඹ පවසනු.
එවීම සාර්ථකයි