වාක්‍යය :
63
يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا
අවසන් හෝරාව පිළිබඳ ජනයා නුඹෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි නුඹ පවසනු. තවද අවසන් හෝරාව සමීපයෙන් සිදුවිය හැකැයි නුඹට දන්වා සිටිනුයේ කුමක්ද?
වාක්‍යය :
64
إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا
නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය.
වාක්‍යය :
65
خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින්ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නොලබනු ඇත.
වාක්‍යය :
66
يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
වාක්‍යය :
67
وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුන් අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති.
වාක්‍යය :
68
رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.
වාක්‍යය :
69
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මූසාට හිංසා කළ අය මෙන් නුඹලා නොවනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහුව නිදොස් කළේය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.
වාක්‍යය :
70
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශය ම කතා කරනු.
වාක්‍යය :
71
يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا
නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය.
වාක්‍යය :
72
إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا
නියත වශයෙන්ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස් පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. එය ඉසිලීමට ඒවා ප්‍රතික්ෂේප කළෝය. තවද එයට ඒවා බිය වූවෝය. නමුත් මිනිසා එය ඉසිලීය. නියත වශයෙන්ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.
වාක්‍යය :
73
لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا
(එසේ ඉසිලීමට හේතුව) කුහක පිරිමීන්ට ද කාන්තාවන්ට ද (දේවත්වය) ආදේශ කරන පිරිමීන්ට ද කාන්තාවන්ට ද අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්, දේවත්වය විශ්වාස කරන පිරිමීන්ට ද කාන්තාවන්ට ද අල්ලාහ් සමාව දීම පිණිසත්ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.