වාක්‍යය :
21
وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
වාක්‍යය :
22
وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.
වාක්‍යය :
23
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ
තවද සැබැවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
වාක්‍යය :
24
وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ
තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.
වාක්‍යය :
25
إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන්ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.
වාක්‍යය :
26
أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ
තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අප විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නොවී ද? නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෝ ද?
වාක්‍යය :
27
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ
තවද නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෝ ද?
වාක්‍යය :
28
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදාදැයි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති.
වාක්‍යය :
29
قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ
ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය :
30
فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ
එහෙයින් ඔබ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.