වාක්‍යය :
7
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ
මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;
වාක්‍යය :
8
إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ
නියත වශයෙන්ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතරය.
වාක්‍යය :
9
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ
හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.
වාක්‍යය :
10
قُتِلَ ٱلۡخَرَّٰصُونَ
බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝය.
වාක්‍යය :
11
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ
ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලි (මරණින් මතු දිනය ගැන) නොසැලකිලිමත් වූවෝ වෙති.
වාක්‍යය :
12
يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ
විනිශ්චය දිනය කවදා දැයි ඔවුහු විමසති.
වාක්‍යය :
13
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ
එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති.
වාක්‍යය :
14
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
වාක්‍යය :
15
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත් වලය.
වාක්‍යය :
16
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන්ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝය.
වාක්‍යය :
17
كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ
ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
වාක්‍යය :
18
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ
තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.
වාක්‍යය :
19
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය.
වාක්‍යය :
20
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ
තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
වාක්‍යය :
21
وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ
තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නොබලන්නෙහු ද?
වාක්‍යය :
22
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ
තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත.
වාක්‍යය :
23
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය.
වාක්‍යය :
24
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ
ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
වාක්‍යය :
25
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ
ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝය. ඔහු ද සලාම් (සාමයයි) පැවසීය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේය.)
වාක්‍යය :
26
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ
එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.
වාක්‍යය :
27
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ
ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.
වාක්‍යය :
28
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ
ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
වාක්‍යය :
29
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ
එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.
වාක්‍යය :
30
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්තය.” යැයි ඔවුහු පැවසූහ.