ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة ق - සූරා කාෆ්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ
කාෆ්, කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
වාක්‍යය : 2
بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ
නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝය.
වාක්‍යය : 3
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ
“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි.
වාක්‍යය : 4
قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ
මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
වාක්‍යය : 5
بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ
නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝය.
වාක්‍යය : 6
أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ
ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
වාක්‍යය : 7
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ
තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක්ම යුගල වශයෙන් හට ගැන්වූයෙමු.
වාක්‍යය : 8
تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ
(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුටම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
වාක්‍යය : 9
وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ
තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු.
වාක්‍යය : 10
وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ
තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
වාක්‍යය : 11
رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ
(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය.
වාක්‍යය : 12
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද රස් වාසීහු ද සමූද් ජනයා ද බොරු කළෝය.
වාක්‍යය : 13
وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ
ආද් ජනයා ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයෝ ද,
වාක්‍යය : 14
وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ
අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝම ධර්ම දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය නියම විය.
වාක්‍යය : 15
أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ
මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.

වාක්‍යය : 16
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ
තවද සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය.
වාක්‍යය : 17
إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ
දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;
වාක්‍යය : 18
مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ
කිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේමය.
වාක්‍යය : 19
وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ
තවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
වාක්‍යය : 20
وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ
තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
වාක්‍යය : 21
وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ
තවද සෑම ආත්මයක්ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමග පැමිණ ඇත.
වාක්‍යය : 22
لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ
“සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණුය.”
වාක්‍යය : 23
وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ
තවද “මෙන්න, මා සතු ව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
වාක්‍යය : 24
أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ
“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!
වාක්‍යය : 25
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٖ مُّرِيبٍ
(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසුවන (අය වෙති).
වාක්‍යය : 26
ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ
අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා දැඩි දඬුවමට හෙළනු.
වාක්‍යය : 27
۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ
“අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. නමුත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
වාක්‍යය : 28
قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ
“මා ඉදිරියේ නුඹලා තර්ක නොකරනු. සැබැවින්ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
වාක්‍යය : 29
مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ
මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.” (යැයි අල්ලාහ් පවසනු ඇත.)
වාක්‍යය : 30
يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ
එදින “නුඹ පිරුණෙහිදැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ”යි එය විමසයි.
වාක්‍යය : 31
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ
තවද දුරස්ථභාවයකින් තොර ව බිය බැතිමතුන් හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
වාක්‍යය : 32
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ
ප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
වාක්‍යය : 33
مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ
කවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;
වාක්‍යය : 34
ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ
නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ)
වාක්‍යය : 35
لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ
ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.

වාක්‍යය : 36
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ
මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?
වාක්‍යය : 37
إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ
කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන්ම එහි අනුශාසනාවක් ඇත.
වාක්‍යය : 38
وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ
තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය.
වාක්‍යය : 39
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ
එහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු.
වාක්‍යය : 40
وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ
තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසු ව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු).
වාක්‍යය : 41
وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ
තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
වාක්‍යය : 42
يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ
එදින සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනී වලවල් වලින්) බැහැර කරනු ලබනු දිනයයි.
වාක්‍යය : 43
إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ
නියත වශයෙන්ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
වාක්‍යය : 44
يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ
එදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසුය.
වාක්‍යය : 45
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ
ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු.
එවීම සාර්ථකයි