ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة القلم - සූරා අල්-කලම්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ
නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,
වාක්‍යය : 2
مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ
නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
වාක්‍යය : 3
وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ
තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
වාක්‍යය : 4
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.
වාක්‍යය : 5
فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
වාක්‍යය : 6
بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
වාක්‍යය : 7
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
වාක්‍යය : 8
فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
වාක්‍යය : 9
وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ
නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.
වාක්‍යය : 10
وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ
තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
වාක්‍යය : 11
هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ
ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
වාක්‍යය : 12
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ
යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
වාක්‍යය : 13
عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
වාක්‍යය : 14
أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්;
වාක්‍යය : 15
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.

වාක්‍යය : 16
سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ
නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
වාක්‍යය : 17
إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝය.
වාක්‍යය : 18
وَلَا يَسۡتَثۡنُونَ
තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.
වාක්‍යය : 19
فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
වාක්‍යය : 20
فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ
එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.
වාක්‍යය : 21
فَتَنَادَوۡاْ مُصۡبِحِينَ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.
වාක්‍යය : 22
أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝය.)
වාක්‍යය : 23
فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ
(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝය.
වාක්‍යය : 24
أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ
එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝය).
වාක්‍යය : 25
وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ
තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝය.
වාක්‍යය : 26
فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ
එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝය.
වාක්‍යය : 27
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.
වාක්‍යය : 28
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේය.
වාක්‍යය : 29
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
“අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 30
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ
එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝය.
වාක්‍යය : 31
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
“අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 32
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝය.)
වාක්‍යය : 33
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
වාක්‍යය : 34
إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
වාක්‍යය : 35
أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ
එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
වාක්‍යය : 36
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
වාක්‍යය : 37
أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?
වාක්‍යය : 38
إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).
වාක්‍යය : 39
أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ
එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද?
වාක්‍යය : 40
سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
මෙයට වගකිව යුත්තේ කවරෙකු දැයි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.
වාක්‍යය : 41
أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ
එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
වාක්‍යය : 42
يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ
එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.

වාක්‍යය : 43
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ
ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය.)
වාක්‍යය : 44
فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ
එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
වාක්‍යය : 45
وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ
තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපාය තිරසාරය.
වාක්‍යය : 46
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ
එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?
වාක්‍යය : 47
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ
එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?
වාක්‍යය : 48
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ
එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
වාක්‍යය : 49
لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ
ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නොලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
වාක්‍යය : 50
فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ
නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. තවද ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
වාක්‍යය : 51
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ
තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
වාක්‍යය : 52
وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
එවීම සාර්ථකයි