වාක්‍යය :
9
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
වාක්‍යය :
10
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
වාක්‍යය :
11
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
වාක්‍යය :
12
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
වාක්‍යය :
13
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
වාක්‍යය :
14
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
වාක්‍යය :
15
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
වාක්‍යය :
16
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
වාක්‍යය :
17
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
වාක්‍යය :
18
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
වාක්‍යය :
19
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
වාක්‍යය :
20
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
වාක්‍යය :
21
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
වාක්‍යය :
22
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
වාක්‍යය :
23
قُطُوفُهَا دَانِيَةٞ
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
වාක්‍යය :
24
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
“පසු ගිය දින වල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
වාක්‍යය :
25
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
වාක්‍යය :
26
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම්!” (කොතරම් අගනේද?)
වාක්‍යය :
27
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
වාක්‍යය :
28
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
වාක්‍යය :
29
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
වාක්‍යය :
30
خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
වාක්‍යය :
31
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
වාක්‍යය :
32
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
වාක්‍යය :
33
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
වාක්‍යය :
34
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.