වාක්‍යය :
1
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
අහස පිපිරී වෙන් ව ගිය විට,
වාක්‍යය :
2
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
තවද තාරුකා වැටී විසිරී ගිය විට,
වාක්‍යය :
3
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
තවද සමුද්‍රයන් පුපුරා යන විට,
වාක්‍යය :
4
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
වාක්‍යය :
5
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
වාක්‍යය :
6
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
වාක්‍යය :
7
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
වාක්‍යය :
8
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
වාක්‍යය :
9
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
වාක්‍යය :
10
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.
වාක්‍යය :
11
كِرَامٗا كَٰتِبِينَ
(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.
වාක්‍යය :
12
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.
වාක්‍යය :
13
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.
වාක්‍යය :
14
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.
වාක්‍යය :
15
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
විනිශ්චය දිනයේ ඔවුන් එහි පිවිසෙනු ඇත.
වාක්‍යය :
16
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.
වාක්‍යය :
17
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
වාක්‍යය :
18
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
වාක්‍යය :
19
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.