ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة التكوير - සූරා අත්-තක්වීර්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ
හිරු හකුළනු ලබන විට;
වාක්‍යය : 2
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ
තවද තරු කඩා හැලෙන විට;
වාක්‍යය : 3
وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ
තවද කඳු විතැන් කරනු ලබන විට,
වාක්‍යය : 4
وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,
වාක්‍යය : 5
وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ
තවද වන සතුන් රැස් කරනු ලබන විට,
වාක්‍යය : 6
وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,
වාක්‍යය : 7
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,
වාක්‍යය : 8
وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
වාක්‍යය : 9
بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? (විමසනු ලබන විට,)
වාක්‍යය : 10
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,
වාක්‍යය : 11
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ
තවද අහස නිරාවරණය කරනු ලබන විට,
වාක්‍යය : 12
وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ
තවද නිරය මොලවනු ලබන විට,
වාක්‍යය : 13
وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට,
වාක්‍යය : 14
عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
වාක්‍යය : 15
فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
වාක්‍යය : 16
ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
වාක්‍යය : 17
وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
වාක්‍යය : 18
وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
වාක්‍යය : 19
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
වාක්‍යය : 20
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
වාක්‍යය : 21
مُّطَاعٖ ثَمَّ أَمِينٖ
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
වාක්‍යය : 22
وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.
වාක්‍යය : 23
وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
වාක්‍යය : 24
وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.
වාක්‍යය : 25
وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
වාක්‍යය : 26
فَأَيۡنَ تَذۡهَبُونَ
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
වාක්‍යය : 27
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
වාක්‍යය : 28
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
වාක්‍යය : 29
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
එවීම සාර්ථකයි