سنهالي ژبه
په سنګالي ژبه د قرآن کریم د معناګانو ژباړه، دا ژباړه د مرکز رواد الترجمة لخوا د اسلام هاوس په همکارۍ ژباړل شوې ده ژباړل شوې.www.islamhouse.com
ٱلۡحَآقَّةُ
තිරසාර සිදුවීම වනාහි,
مَا ٱلۡحَآقَّةُ
එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
(හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝය.
وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝය.
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ
ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
قُطُوفُهَا دَانِيَةٞ
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
“පසු ගිය දින වල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම්!” (කොතරම් අගනේද?)
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
වැරදි කළවුන් මිස වෙනත් කිසිවෙක් එය අනුභව නොකරයි.
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
وَمَا لَا تُبۡصِرُونَ
නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ
තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
තවද නියත වශයෙන්ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
තවද නියත වශයෙන්ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
مشاركة عبر