சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்)
புனித குர்ஆன் அர்த்தங்களின் மொழிபெயர்ப்பு
அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.
ٱلۡحَآقَّةُ
තිරසාර සිදුවීම වනාහි,
مَا ٱلۡحَآقَّةُ
එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය.
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය.
وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය.
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ
ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය.
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය.
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු.
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය.
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී.
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි.
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
قُطُوفُهَا دَانِيَةٞ
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි.
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?)
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි.
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.”
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.”
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු.
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි.
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
وَمَا لَا تُبۡصِرُونَ
නුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි.
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
අපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු.
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
පසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි.
وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ
තවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
තවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු.
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
තවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
තවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි.
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
share_via