Sinhal dilinə tərcümə - "Ruvvad" tərcümə mərkəzi.
Tərcümə "Ruvvad" tərcümə mərkəzi tərəfindən "Rəbva" dəvət cəmiyyəti və İslam məzmununun dillərə xidmət cəmiyyəti ilə birgə əməkdaşlığı ilə tərcümə edilmişdir.
يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
قُمۡ فَأَنذِرۡ
නුඹ නැගී සිට, අවවාද කරනු.
وَرَبَّكَ فَكَبِّرۡ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
وَثِيَابَكَ فَطَهِّرۡ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
තවද කිලිට්ටෙන් වළකිනු.
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
එය දුෂ්කර දිනයක් වනු ඇත.
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නොවනු ඇත.
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
وَبَنِينَ شُهُودٗا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
سَأُرۡهِقُهُۥ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේය.
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
سَأُصۡلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
සම දැඩි ලෙස දවාලන්නකි.
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
ඒ මත දහනව දෙනෙකි.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
كَلَّا وَٱلۡقَمَرِ
එසේ නොව, සඳු මත දිවුරමින්.
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
نَذِيرٗا لِّلۡبَشَرِ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් දකුණුපස ජනයා හැර.
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදි කරුවන්ගෙන්;
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
සිංහ ගොදුරින් පලා යන.
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නොවෙති.
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
مشاركة عبر