Header Include

ترجمه ى سنهالى

www.islamhouse.com ترجمهٔ معانی قرآن کریم به زبان سنهالی. ترجمهٔ گروه مرکز ترجمهٔ رواد با همکاری سال دار الاسلام

QR Code https://quran.islamcontent.com/fa/sinhalese_mahir

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

අල්ලාහ් (තම) දයාවෙන් මිනිසාට විවෘතව ප්‍රධානය කළේ නම්, එය වළක්වන කිසිවෙකු නැත. තවද ඔහු (තම දායාදයන්) වළක්වන්නේ නම් ඉන්පසුව ඒවා ඔහුට එවන්නෙකු ද නැත. තවද ඔහු සර්ව බලධාරිය; මහා ප්‍රඥාවන්ත ය.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ

අහෝ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ

තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට සැබැවින්ම නුඹට පෙර ද ධර්ම දූතවරුන් බොරු කරනු ලැබීය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ

අහෝ ජනයිනි! නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නොදැමිය යුතුය. තවද මහා රැවටිලිකරු ද අල්ලාහ් ගැන නුඹලාව නොරැවටිය යුතුය.

إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوّٞ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ

නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.

ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٌ

දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ

තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් වෙමින් නුඹේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ

තවද සුළඟ එවා සිටියේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්‍රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.

مَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَمَكۡرُ أُوْلَٰٓئِكَ هُوَ يَبُورُ

කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද ඒ සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි.

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ

තවද නුඹලාව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද අල්ලාහ් මැව්වේය. පසු ව නුඹලා ජෝඩු බවට පත් කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ

තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ

රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ

නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි.

۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ

අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර; ප්‍රශංසාලාභී.

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ

ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ

තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නොවේ.

وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ

තවද (බර) උසුලන්නෙකු තවකෙකුගේ බර නොඋසුලයි. තවද බර උසුලනු ලැබූ තැනැත්තා තමන්ගේ බර ඉසිලීමට (අනෙකාට) ඇරයුම් කළ ද (ඔහු)සමීප ඥාතියකු වුව ද එය ඉසිලීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. (නබිවරය!) නියත වශයෙන්ම නොපෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙත පමණක් නුඹට අවවාද කළ හැක. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ටමය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය.

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ

තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙයි.

තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙයි.

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ

තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නොවේ.

තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නොවේ.

وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ

තවද හෙවණ හා සූර්ය තාපය (සමාන) නොවේ.

තවද හෙවණ හා සූර්ය තාපය (සමාන) නොවේ.

وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ

තවද ජීවත් ව සිටින්නන් හා මළවුන් සමාන නොවෙයි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. නමුත් ඔබ මිනී වල වල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නොවේ.

إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ

(නබිවරය!) නුඹ අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නොවේ.

إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ

නියත වශයෙන්ම ශුභාරංචි දන්වනනෙකු වශයෙන් හා අවවාද කරනනෙකු වශයෙන් අපි ඔබ සත්‍යයෙන් යුතු ව එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත.

وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ

තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට (දැනගනු!) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝය. ඔවුන් වෙත ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමග ද ආලෝකමත් ධර්ම ග්‍රන්ථය සමග ද පැමිණියහ.

ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ

පසු ව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද? (යැයි අල්ලාහ් විමසයි.)

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ

(අහෝ නබිවරය!) නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කළ බව නුඹ නොදුටුවෙහි ද? එමගින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති දෑ ද ඇත.

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ

තවද ජනයා අතරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත් දෑ ද එලෙසම ය. නියත වශයෙන්ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතරින් දැනුම ඇත්තන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.

إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත් ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නොවිඳින ව්‍යාපාරයක් අපේක්ෂා කරති.

لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ

(එය) ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණ ව ඔහු දෙනු පිණිසය. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී ය; ගුණගරුක ය.

وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ

තවද ධර්ම ග්‍රන්ථයෙන් එය ඉදිරියේ වූ දෑ සත්‍ය කරවන්නක් වශයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි එයමය සත්‍යය වන්නේ. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය.

ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ

පසු ව අපි අපගේ ගැත්තන් අතරින් අප තෝරා ගත් අයට එම ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතරින් තමන්ටම අපරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි පෙරටු වන අය ද වෙති. එයම ය මහත් භාග්‍යය.

جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ

(එහි අද්න් නම්) සදාතනික උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලබති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද ය.

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ

තවද “අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා ගුණගරුක ය” යැයි ඔවුන් පවසනු ඇත.

ٱلَّذِيٓ أَحَلَّنَا دَارَ ٱلۡمُقَامَةِ مِن فَضۡلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٞ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٞ

“ඔහු වනාහි ඔහුගේ භාග්‍යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි කිසිදු දුෂ්කරතාවක් අප ස්පර්ශ නොකරයි. තවද එහි කිසිදු දොම්නසක් අප ස්පර්ශ නොකරයි.”

وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ

තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.

وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ

තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නොවන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නාය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥය.

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا

මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවම ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත.

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا

(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.”

۞ إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا

නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්ත අතික්ෂමාශීලී වේ.

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٞ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٞ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا

සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත ඔවුන් දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට වැඩි කළේ නැත.

ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا

(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම( මිස වෙන කිසිවක් ඔවුනට වැඩි කළේ නැත.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. මුතුන්මිත්තන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නෙහිමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිමය.

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا

මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝය. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කළ නොහැක. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا

තවද ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.

Footer Include