ترجمه ى سنهالى
www.islamhouse.com ترجمهٔ معانی قرآن کریم به زبان سنهالی. ترجمهٔ گروه مرکز ترجمهٔ رواد با همکاری سال دار الاسلام
وَٱلصَّٰٓفَّٰتِ صَفّٗا
පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.
فَٱلزَّٰجِرَٰتِ زَجۡرٗا
තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.
فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا
තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ
නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ
සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් නියත වශයෙන්ම අලංකාරවත් කළෙමු.
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ
උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුන් සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ
(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ
(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.
بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ
නමුත් නුඹ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ
තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ
තවද ඔවුහු මෙසේ පවසා සිටියෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ
අහෝ නබිවරය! “එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ
නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ
තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ
අපරාධ කළවුන් හා ඔවුන්ගේ සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද..
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ
අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ ද එක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).
بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
තවද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ
නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝය.
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ
“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝය.
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ
තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ
එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ
තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ
“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පවසනු ලැබූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝය.
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ
තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ
නමුත් ඔහු (මුහම්මද්) සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේය.
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ
නියත වශයෙන්ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ
හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ
පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
فِي جَنَّٰتِ ٱلنَّعِيمِ
(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.
عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ
(සුරා)උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.
بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّٰرِبِينَ
එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ
එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නොවෙති.
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ
තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ
නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
එමෙන්ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ
නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ
නියත වශයෙන්ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකුදැ?යි ඔහු විමසයි.
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ?(යි ද ඔහු විමසයි.)
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ
නුඹලා ඔහුව එබී බලන්නේ දැයි ඔහු (අල්ලාහ්) විමසයි.
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ
එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ
අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවසයි.
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මම ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ
එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ
සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ
නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ
නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ
පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ
පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ
නියත වශයෙන්ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ
තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ
ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ
තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි මැනවින් බලනු.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ
තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු.
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ
තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ
ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ
තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ
සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ
“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ
එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේය.
فَقَالَ إِنِّي سَقِيمٞ
පසුව ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ
(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝය.
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ
පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.
مَا لَكُمۡ لَا تَنطِقُونَ
නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ
පසු ව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ
එවිට (ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝය.
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ
එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ
තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේය.
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ
“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ
එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ
“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේය.
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ
මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේය.)
فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ
එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ
ඔහු (ඉබ්රාහීම්) සමග වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ
පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ
තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ
නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ
තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ
“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ
තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ
තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ
තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය.
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ
“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ
“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා බඅල් නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ
නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. සැබැවින්ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ
ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර.
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ
තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ
රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ
එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ
පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ
නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නොවී නම්,
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ
එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ
තවද අපි ඒ මත වැල් වලින් යුත් ගසක් හට ගැන්වූයෙමු.
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ
තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ
පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න ගැන (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ
දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ
ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
أَفَلَا تَذَكَّرُونَ
නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ
නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ
තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරු සැබැවින්ම දැනගත්තෝය.
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ
එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...
مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ
නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ
නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
وَإِن كَانُواْ لَيَقُولُونَ
තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ
නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත් ව සිටිනු.
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ
තවද සියලුම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.
مشاركة عبر