Fassara da yaren Sinhaliyya - Cibiyar fassara ta Ruwwad
Wani gungu na cibiyar fassara ta Ruwad ne suka fassarasu tare da haɗin gwiwar Ƙungiyar Da'awa ta Rabwah da Kungiyar hidimtawa abinda Musulunci ya kunsa da yaruka
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
නුඹලාගේ දිවුරුම්වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේ ය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂක ය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ
නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේ ය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නො සලකා හැරියේ ය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවු දැ? යි” ඇය ඇසුවා ය. “අභිඥානවන්ත වූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසී ය.
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ
(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා ම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින් ම විතැන්වී ඇත. ඔහුට එරෙහිව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරු ය. ඉන් පසුව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන් ය.
عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا
ඔහු නුඹලාව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්‍යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَٰٓئِكَةٌ غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නො පාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙස ම) ඉටු කරති.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ
අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නො දක්වනු. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නුඹලාව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමඟ වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නො කරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි! අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.” යැයි ඔවුන් පවසනු ඇත.
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහිව දැඩිව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.
ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٰخِلِينَ
නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේ ය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. එහෙත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනාට ද්‍රෝහි වූවෝ ය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමඟ නිරයට පිවිසෙනු යැයි කියනු ලැබී ය.
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ
තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේ ය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියා ය.
وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ
තවද තම පතිවත සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම්(ගේ උපමාව ද ගෙන හැර දැක් වීය.) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළා ය. තවද ඇය අවනත වන්නන් අතරින් වූවා ය.
مشاركة عبر