Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo.
Firi ɗum ko fedde hentorde kanngameeji firo e ballondiral e Ceeɗɗi Da'wa e Rabwa e Ceeɗɗi Ballondiral Ndeernde Islaam e ɗemngal.
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
عَامِلَةٞ نَّاصِبَةٞ
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
تَصۡلَىٰ نَارًا حَامِيَةٗ
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
لِّسَعۡيِهَا رَاضِيَةٞ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ
එහි පුහු වදන් ශ්‍රවණය නොකරයි.
فِيهَا عَيۡنٞ جَارِيَةٞ
එහි ගලා යන උල්පත් ඇත.
فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ
එහි උස් නිදියහන් ද ඇත.
وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
وَنَمَارِقُ مَصۡفُوفَةٞ
වියන ලද කොට්ට ද,
وَزَرَابِيُّ مَبۡثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුන් නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරයි.
إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم
පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.
مشاركة عبر