Terjemahan Berbahasa Sinhala
Terjemahan makna Al-Qur`ān Al-Karīm ke bahasa Sinhala oleh Tim Markaz Ruwād Terjemah bekerjasama dengan situs IslamHouse.com
طسٓمٓ
තා, සීන්, මීම්
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන්ය.
لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ
ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි.
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ
අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ
මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත.
فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෝ ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහුමය මහා කරුණාන්විත සර්ව බලධාරී.
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ
ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?
قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ
මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නොකරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු.
وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ
තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ
එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේය.
فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ
එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු.
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ
එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ
අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ
තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසීය.)
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
මුළාවූවන් අතරින් කෙනෙකු ව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසීය.
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ
එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේය.
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ
සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ
නුඹලා සවන් නොදෙන්නෙහු දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ
නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ
මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ
මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැයි ඔහු (මූසා) විමසීය.
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
නුඹ සත්‍යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ
එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ
තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ
නියත වශයෙන්ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට ඔහු (ෆිර්අවුන්) පැවසීය.
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ
ඔහුගේ මායාවෙන් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ
මනා දැනුමැති සියලුම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත.
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ
එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදී.
وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ
තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ
මායාකරුවන් පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ
එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසීය.
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ
එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ
පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ
සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
رَبِّ مُوسَىٰ وَهَٰرُونَ
ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසීය.
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ
කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්‍රිය කරන්නෙමු.
۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ
තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.
إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ
නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ
තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ
තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٖ وَعُيُونٖ
එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් අපි ඔවුන් බැහැර කළෙමු.
وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ
නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ
එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ
පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.
فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ
කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ
එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.
فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ
ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ
තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ
තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.
وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ
තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ
නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ
අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ
නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසීය.
أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ
එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි (ඉබ්රාහීම් විමසීය.)
قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ
නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝය.
قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ
නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්රාහිම්) විමසීය.
أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ
නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).
فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ
හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ
ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ
තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ
තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ
තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.
وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ
තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.
رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ
මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ
තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ
තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නොකරනු මැනව!
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ
(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ
නමුත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ
තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ
තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ
(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ
අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝද?
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ
එවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.
وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ
ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.
قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ
තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ...(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ
තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.
فَمَا لَنَا مِن شَٰفِعِينَ
එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
وَلَا صَدِيقٍ حَمِيمٖ
තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.
فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ
නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝය.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)
۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ
පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසුවෝය.
قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.
إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ
නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ
තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.
إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ
මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ
අහෝ නූහ්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසුවෝය.
قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසීය.
فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ
ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ
ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝය.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ
සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ
තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ
තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ
තවද නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ
ගොවිපළ සතුන් මෙන්ම දරුවන් මගින් ඔහු නුඹලාට උපකාර කළේය.
وَجَنَّٰتٖ وَعُيُونٍ
තවද උයන් හා උල්පත් මගින් ද (ඔහු නුඹලාට උපකාර කළේය.)
إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ
නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසුවෝය.
إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ
මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
එසේ ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරී.
كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ
සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝය.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ
මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
فِي جَنَّٰتٖ وَعُيُونٖ
උයන් හා උල්පත් අතර ද,
وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ
තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,
وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ
තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහුය.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ
තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.
ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ
ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.
قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ
මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත.
وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ
තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ
නමුත් ඔවුහු ඌව මරා දැමුවෝය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝය.
فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
එවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ
ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝය.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ
නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ
තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ
අහෝ ලූත්! නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝය.
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ
නියත වශයෙන්ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසීය.
رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ
පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ
අය්කා වාසීහු ද දර්ම දූතයින් බොරු කළෝය.
إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ
නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නොවනු.
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ
තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු.
وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ
තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝය.
وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ
තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද සැබැවින්ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.
فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ
නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විත.
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ
තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක්මය.
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ
විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ
නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,
بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ
පැහැදිලි අරාබි බසින්.
وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ
තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය.
أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?
وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ
තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කළේ නම්,
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ
එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ
එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ
ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ
පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ
ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ
තවද කිසිදු ගම්මානයක් එහි (එවන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.
ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ
(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ
තවද ෂෙයිතාන්නු එය පහළ නොකළෝය.
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ
තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ
නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති.
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ
එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත.
وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ
තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු.
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
නමුත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ
ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නාය.
وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ
තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ
ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ
පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔවුහු පහළ වෙති.
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ
සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ
තවද කවිවරුන් වනාහි නොමග ගියවුන් ඔවුන් ව අනුගමනය කරති.
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ
නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?
وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ
තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ (කළ බවට) පවසති.
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ
නමුත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.
مشاركة عبر