Terjemahan Berbahasa Sinhala
Terjemahan makna Al-Qur`ān Al-Karīm ke bahasa Sinhala oleh Tim Markaz Ruwād Terjemah bekerjasama dengan situs IslamHouse.com
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ
තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ
(එය) නුඹේ පිට තළමින් තිබුණි.
وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ
තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرٗا
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
مشاركة عبر