Header Include

الترجمة السنهالية - مركز رواد الترجمة

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات وموقع IslamHouse.com.

QR Code https://quran.islamcontent.com/23/sinhalese_mahir

إِنَّا فَتَحۡنَا لَكَ فَتۡحٗا مُّبِينٗا

(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු.

لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත් ය.

وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا

තවද අතිමහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය.

هُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنٗا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමඟ ම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහු ය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا

තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු පිණිසත් ය. ඔවුන් එහි සදාතනිකයින් ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත් ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.

وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرٗا

තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත් ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේ ය. තවද ඔවුනට නිරය සූදානම් කළේ ය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.

وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا

තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය.

إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا

නියත වශයෙන් ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.

لِّتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُۚ وَتُسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا

නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිස ය.

إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا

නියත වශයෙන් ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ට ය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන් ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිව ය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත.

سَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا

අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අපව නිරත කරවී ය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නො ව, නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥාවන්ත ය.

بَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدٗا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورٗا

එසේ නො ව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නො එන්නේ ම යැයි නුඹලා සිතුවෙහු ය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදි. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහු ය.

وَمَن لَّمۡ يُؤۡمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَعِيرٗا

තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නො කළේ ද නියත වශයෙන් ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا

තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا

යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමා වී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නො පැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නො ගන්නන් වූහ.

قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا

නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේ ය. නුඹලා ඔවුන් සමඟ සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. එහෙත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.

لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمٗا

(සටනට සහභාගී නො වීම) අන්ධයා මත වරදක් නො වේ. තවද කොරා මත ද වරදක් නො වේ. රෝගියා මත ද වරදක් නො වේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහෙත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.

۞ لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحٗا قَرِيبٗا

ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින් ම පිළිගත්තේ ය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේ ය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේ ය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේ ය.

وَمَغَانِمَ كَثِيرَةٗ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا

(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමී ය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

තවද අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබා ගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේ ය. එමෙන් ම නුඹලාට ඔහු මෙය කල් ඇතිව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක් වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිස ය.

وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا

තවද නුඹලා (තවමත්) ඒ මත බලය නො දැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින් ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا

තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමඟ සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසුව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නො ලබනු ඇත.

سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا

(එය) මීට පෙර ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නේ ම ය.

وَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا

ඔවුනට එරෙහිව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٞ مُّؤۡمِنُونَ وَنِسَآءٞ مُّؤۡمِنَٰتٞ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٖۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا

මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලාව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ම ය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නො වී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නො දැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිස ය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන්ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.

إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا

අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේ ය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේ ය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.

لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحٗا قَرِيبًا

ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ම හීනය සත්‍යය කළේ ය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොරව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතරව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේ ය.

هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا

ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් එව්වේ ය. එය ඒ සියලු දහම්වලට ඉහළින් පිහිටීම පිණිස ය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත් ය.

مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا

මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් ය. තවද ඔහු සමඟ සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩිව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණිකව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසුව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවරව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව එමඟින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය.

Footer Include