Header Include

الترجمة السنهالية - مركز رواد الترجمة

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات وموقع IslamHouse.com.

QR Code https://quran.islamcontent.com/23/sinhalese_mahir

قَدۡ سَمِعَ ٱللَّهُ قَوۡلَ ٱلَّتِي تُجَٰدِلُكَ فِي زَوۡجِهَا وَتَشۡتَكِيٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسۡمَعُ تَحَاوُرَكُمَآۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ

ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමඟ වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.

ٱلَّذِينَ يُظَٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَٰتِهِمۡۖ إِنۡ أُمَّهَٰتُهُمۡ إِلَّا ٱلَّٰٓـِٔي وَلَدۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَيَقُولُونَ مُنكَرٗا مِّنَ ٱلۡقَوۡلِ وَزُورٗاۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ

නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන්හට ඔවුහු මොවුන්ගේ මව්වරුන් නො වෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන් ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන් ම අල්ලාහ් නො සලකා හරින්නා ය; අතික්ෂමාශීලී ය.

وَٱلَّذِينَ يُظَٰهِرُونَ مِن نِّسَآئِهِمۡ ثُمَّ يَعُودُونَ لِمَا قَالُواْ فَتَحۡرِيرُ رَقَبَةٖ مِّن قَبۡلِ أَن يَتَمَآسَّاۚ ذَٰلِكُمۡ تُوعَظُونَ بِهِۦۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ

තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතුව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවා ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ مِن قَبۡلِ أَن يَتَمَآسَّاۖ فَمَن لَّمۡ يَسۡتَطِعۡ فَإِطۡعَامُ سِتِّينَ مِسۡكِينٗاۚ ذَٰلِكَ لِتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ

එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නො ලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුව ඇත. එයට ඔහු ශක්තිය නො දැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු පිණිස ය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.

إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُواْ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَقَدۡ أَنزَلۡنَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ

නියත වශයෙන් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය)ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන් ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝ ය. තවද සැබැවින් ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.

يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ أَحۡصَىٰهُ ٱللَّهُ وَنَسُوهُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ

එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. එහෙත් ඔවුහු එය අමතක කළෝ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ مَا يَكُونُ مِن نَّجۡوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمۡ وَلَا خَمۡسَةٍ إِلَّا هُوَ سَادِسُهُمۡ وَلَآ أَدۡنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكۡثَرَ إِلَّا هُوَ مَعَهُمۡ أَيۡنَ مَا كَانُواْۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ

නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නො වනු ඇත. එමෙන් ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමඟ මිස නැත. පසුව ඔවුන් සිදු කළ දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ

රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නො දුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නො පැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නො කරනුයේ මන් දැ? යි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත් ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَنَٰجَيۡتُمۡ فَلَا تَتَنَٰجَوۡاْ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِ وَتَنَٰجَوۡاْ بِٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නො කරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.

إِنَّمَا ٱلنَّجۡوَىٰ مِنَ ٱلشَّيۡطَٰنِ لِيَحۡزُنَ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيۡسَ بِضَآرِّهِمۡ شَيۡـًٔا إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قِيلَ لَكُمۡ تَفَسَّحُواْ فِي ٱلۡمَجَٰلِسِ فَٱفۡسَحُواْ يَفۡسَحِ ٱللَّهُ لَكُمۡۖ وَإِذَا قِيلَ ٱنشُزُواْ فَٱنشُزُواْ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَٰجَيۡتُمُ ٱلرَّسُولَ فَقَدِّمُواْ بَيۡنَ يَدَيۡ نَجۡوَىٰكُمۡ صَدَقَةٗۚ ذَٰلِكَ خَيۡرٞ لَّكُمۡ وَأَطۡهَرُۚ فَإِن لَّمۡ تَجِدُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමඟ පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරු ය. එසේ නුඹලා (හැකියාව) නො ලැබුවේ නම් (එය පවක් නො වේ.) එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

ءَأَشۡفَقۡتُمۡ أَن تُقَدِّمُواْ بَيۡنَ يَدَيۡ نَجۡوَىٰكُمۡ صَدَقَٰتٖۚ فَإِذۡ لَمۡ تَفۡعَلُواْ وَتَابَ ٱللَّهُ عَلَيۡكُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ

(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නො කළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِم مَّا هُم مِّنكُمۡ وَلَا مِنۡهُمۡ وَيَحۡلِفُونَ عَلَى ٱلۡكَذِبِ وَهُمۡ يَعۡلَمُونَ

අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නො දුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නො වෙති. එමෙන් ම ඔවුන්ගෙන් ද නො වෙති. ඔවුහු දැන දැනම ව්‍යාජත්වය මත දිවුරා සිටිති.

أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدًاۖ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ

අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.

ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةٗ فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمۡ عَذَابٞ مُّهِينٞ

ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝ ය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.

لَّن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නො වන්නේ ම ය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.

يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيَحۡلِفُونَ لَهُۥ كَمَا يَحۡلِفُونَ لَكُمۡ وَيَحۡسَبُونَ أَنَّهُمۡ عَلَىٰ شَيۡءٍۚ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡكَٰذِبُونَ

අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටු වන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන් ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ ය.

ٱسۡتَحۡوَذَ عَلَيۡهِمُ ٱلشَّيۡطَٰنُ فَأَنسَىٰهُمۡ ذِكۡرَ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱلشَّيۡطَٰنِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱلشَّيۡطَٰنِ هُمُ ٱلۡخَٰسِرُونَ

ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔවුනට අමතක කර දැමී ය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහු ම ය. දැන ගනු! නියත වශයෙන් ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහු මය පරාජිතයෝ.

إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ أُوْلَٰٓئِكَ فِي ٱلۡأَذَلِّينَ

නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතර ය.

كَتَبَ ٱللَّهُ لَأَغۡلِبَنَّ أَنَا۠ وَرُسُلِيٓۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ

සැබැවින් ම මම අබිබවා යමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් බලසම්පන්න ය; සර්ව බලධාරී ය.

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.

Footer Include