シンハラ語対訳
クルアーン・シンハラ語対訳 - ルゥワード翻訳事業センターとイスラーム・ハウス(www.islamhouse.com)の共訳
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ
අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ
(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත.
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ
තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?
مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ
(නබිවරය) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නොකරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති.
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ
තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙසය.
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ
නියත වශයෙන්ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන්ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින්ම පැවසූහ.
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ
තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ
තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ
තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ
සැබැවින්ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය; සර්වඥානීය.
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
තවද සැබැවින්ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ
තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
තවද නියත වශයෙන්ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
පසුව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසීය.)
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළෝය.
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
නමුත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නොවෙමි යැයි ඔහු පැවසුවේය.
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේය.
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
නියමිත වේලාවේ දිනය දක්වා.
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය.
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
නමුත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ
"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ
නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර.
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ
තවද නියත වශයෙන්ම නිරය ඔවුන් සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ
"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත"
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත් වල වෙති.
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ
එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නොගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එයමය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ
තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
මහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නොවනු.
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන්දැයි ඔහු පැවසුවේය.
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
අහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු.
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝය.
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝය.
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත්) පැවසුවේය.
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි (ලූත්ගෙන්) විමසුවෝය.
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේය.
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
(නබිවරය) නුඹගේ ආයු කාළය මත දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල් වී සිටියහ.
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි දේවත්වය විශ්වාස කරන්නන් හට සංඥාවක් ඇත.
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
තවද සැබැවින්ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය.
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
තවද සැබැවින්ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ.
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
තවද ඔවුහු නිවෙස් වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ.
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී මහා මැවුම්කරු.
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
ඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේවත්වය විශ්වාස කරන්නන් හට නුඹගේ පියාපත් පහත් කරනු.
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
තවද නියත වශයෙන්ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
ඔවුහු වනාහි අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.
مشاركة عبر