シンハラ語対訳
クルアーン・シンハラ語対訳 - ルゥワード翻訳事業センターとイスラーム・ハウス(www.islamhouse.com)の共訳
سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا
නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
وَنَرَىٰهُ قَرِيبٗا
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ
තම බිරිය, තම සොහොයුරන්;
وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
كَلَّآۖ إِنَّهَا لَظَىٰ
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
نَزَّاعَةٗ لِّلشَّوَىٰ
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
وَجَمَعَ فَأَوۡعَىٰٓ
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේය.
۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا
නියත වශයෙන්ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නොදී) වළක්වන්නෙකු වේ.
إِلَّا ٱلۡمُصَلِّينَ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව තහවුරු කරති.
وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නොවන්නකි.
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٖ مُّكۡرَمُونَ
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නොවෙමු.
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුන් බැහැර වනු ඇත.
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
مشاركة عبر