Traducción al cingalés - Centro de Rowad Al- Taryamah
Traducción de los significados del Sagrado Corán
Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا
අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමඟ ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා ඔවුන් පිටුවහල් නො කරනු. එමෙන් ම ඔවුන් ද පිටවිය නො යුතු ය. තවද එය අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුට ම අපරාධ කර ගත්තේ ය. මින් පසුව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවන යන වග නුඹ නො දන්නෙහි ය.
فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ فَارِقُوهُنَّ بِمَعۡرُوفٖ وَأَشۡهِدُواْ ذَوَيۡ عَدۡلٖ مِّنكُمۡ وَأَقِيمُواْ ٱلشَّهَٰدَةَ لِلَّهِۚ ذَٰلِكُمۡ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مَخۡرَجٗا
(දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන්ව (භාර්යාවන් ලෙස) රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කර ගනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට මෙමඟින් උපදෙස් දෙනු ලබනුයේ එලෙසයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි.
وَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا
තවද ඔහු නො සිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නා ය. සෑම දෙයකට ම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේ ය.
وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا
තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නො වූ කාන්තාවන්ට ද (එලෙස ම ය.) ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත.
ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا
එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේ ය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.
أَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ
නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින් ම (ඉද්දා කාලය තුළ) ඔවුන්ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නො කරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනාකරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු ලවා කිරි දෙත්වා.
لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا
වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසුව අල්ලාහ් පහසුව ඇති කරයි.
وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا
තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.
فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا
එවිට එය එහි විෂයෙහි විපාකය භුක්ති වින්දේ ය. තවද එහි විෂයෙහි අවසානය පරාජයක් විය.
أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කර ඇත. එහෙයින් දේවත්වය විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත.
رَّسُولٗا يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٖ لِّيُخۡرِجَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ قَدۡ أَحۡسَنَ ٱللَّهُ لَهُۥ رِزۡقًا
විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරන රසූල්වරයකු ද (පහළ කළේ ය.) කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහුව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන්වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහට ම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේ ය.
ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا
අහස් හතක් හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ් ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත.
share_via