Traducción al cingalés - Centro de Rowad Al- Taryamah
Traducida por el equipo del Centro Rowad At-Taryamah en cooperación con la Asociación de Dawah en Rabwa y la Asociación para el Servicio del Contenido Islámico en Idiomas.
يَٰٓأَيُّهَا ٱلۡمُزَّمِّلُ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
قُمِ ٱلَّيۡلَ إِلَّا قَلِيلٗا
සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු.
نِّصۡفَهُۥٓ أَوِ ٱنقُصۡ مِنۡهُ قَلِيلًا
එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.
أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا
නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.
إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا
නියත වශයෙන්ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.
إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا
නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا
දහවල් කාලයේ නියත වශයෙන්ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.
وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا
ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන්ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.
وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا
තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.
وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا
තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.
إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا
නියත වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.
وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا
උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).
يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا
එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.
إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු.
فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.
فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا
නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?
ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا
එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.
إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا
නියත වශයෙන්ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!
۞ إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ
නියත වශයෙන්ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමග සිටින අය අතරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දන්නේය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේය. නුඹලා එය (නිවැරදිව) ගණන් නොකරන බව ඔහු දන්නේය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයන මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත්ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
مشاركة عبر