වාක්‍යය :
1
ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම.
වාක්‍යය :
2
مَا ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
වාක්‍යය :
3
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
වාක්‍යය :
4
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
වාක්‍යය :
5
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
වාක්‍යය :
6
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
වාක්‍යය :
7
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
වාක්‍යය :
8
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
වාක්‍යය :
9
فَأُمُّهُۥ هَاوِيَةٞ
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
වාක්‍යය :
10
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
වාක්‍යය :
11
نَارٌ حَامِيَةُۢ
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.