වාක්‍යය :
18
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
වාක්‍යය :
19
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
වාක්‍යය :
20
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
වාක්‍යය :
21
ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
වාක්‍යය :
22
ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
වාක්‍යය :
23
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
වාක්‍යය :
24
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේය.
වාක්‍යය :
25
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
වාක්‍යය :
26
سَأُصۡلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
වාක්‍යය :
27
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
වාක්‍යය :
28
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
වාක්‍යය :
29
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
සම දැඩි ලෙස දවාලන්නකි.
වාක්‍යය :
30
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
ඒ මත දහනව දෙනෙකි.
වාක්‍යය :
31
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
වාක්‍යය :
32
كَلَّا وَٱلۡقَمَرِ
එසේ නොව, සඳු මත දිවුරමින්.
වාක්‍යය :
33
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
වාක්‍යය :
34
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
වාක්‍යය :
35
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
වාක්‍යය :
36
نَذِيرٗا لِّلۡبَشَرِ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
වාක්‍යය :
37
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
වාක්‍යය :
38
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
වාක්‍යය :
39
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් දකුණුපස ජනයා හැර.
වාක්‍යය :
40
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
වාක්‍යය :
41
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදි කරුවන්ගෙන්;
වාක්‍යය :
42
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
වාක්‍යය :
43
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය :
44
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
වාක්‍යය :
45
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
වාක්‍යය :
46
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
වාක්‍යය :
47
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.