ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة التغابن - සූරා අත්-තගාබුන්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු ප්‍රශංසා ඔහු සතුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
වාක්‍යය : 2
هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٞ وَمِنكُم مُّؤۡمِنٞۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ
ඔහු වනාහි නුඹලා මැව්වේය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂකය.
වාක්‍යය : 3
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය.
වාක්‍යය : 4
يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
අහස් හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳ ව සර්වඥානීය.
වාක්‍යය : 5
أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
වාක්‍යය : 6
ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٞ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٞ
එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමග ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නොසලකා හැරියේය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොරය; ප්‍රසංශාලාභීය.
වාක්‍යය : 7
زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නොලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේම සිතුවෝය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන්ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසු ව නුඹලා සිදු කළ දෑ පිළිබඳ ව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසුය.
වාක්‍යය : 8
فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِيٓ أَنزَلۡنَاۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳ ව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
වාක්‍යය : 9
يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලා ව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන්ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.

වාක්‍යය : 10
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහුය. එහි ඔවුන් සදාතනිකයින්ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.
වාක්‍යය : 11
مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු ආපදාවක් සිදු නොවේ. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
වාක්‍යය : 12
وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව ප්‍රචාරය කිරීම පමණය.
වාක්‍යය : 13
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙතම (සියල්ල) භාර කරත්වා.
වාක්‍යය : 14
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوّٗا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන්ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
වාක්‍යය : 15
إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ
නියත වශයෙන්ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
වාක්‍යය : 16
فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرٗا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්‍රහකයෝ.
වාක්‍යය : 17
إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ
නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුකය; ඉවසිලිවන්තය.
වාක්‍යය : 18
عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(ඔහු) අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ ව සර්ව ඥානීය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
එවීම සාර්ථකයි