වාක්‍යය :
1
تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
වාක්‍යය :
2
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
වාක්‍යය :
3
سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
වාක්‍යය :
4
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
වාක්‍යය :
5
فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි.