වාක්‍යය :
1
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
වාක්‍යය :
2
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේය.
වාක්‍යය :
3
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
වාක්‍යය :
4
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වීය.
වාක්‍යය :
5
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය.
වාක්‍යය :
6
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
වාක්‍යය :
7
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
වාක්‍යය :
8
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
වාක්‍යය :
9
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
වාක්‍යය :
10
عَبۡدًا إِذَا صَلَّىٰٓ
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
වාක්‍යය :
11
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
වාක්‍යය :
12
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
වාක්‍යය :
13
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
වාක්‍යය :
14
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
නියත වශයෙන්ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?
වාක්‍යය :
15
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
වාක්‍යය :
16
نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
වාක්‍යය :
17
فَلۡيَدۡعُ نَادِيَهُۥ
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
වාක්‍යය :
18
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.
වාක්‍යය :
19
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.