වාක්‍යය :
154
وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ
තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නොපවසනු. ඔවුන් ජීවමානය. එනමුත් නුඹලා (ඒ ගැන) වටහා ගන්නේ නැත.
වාක්‍යය :
155
وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ
තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග හිඟ කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු.
වාක්‍යය :
156
ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ
ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම අපි ඔහු වෙතම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති.
වාක්‍යය :
157
أُوْلَٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ
තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාද ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන්ය. මොවුන්මය යහමඟ ලැබූවෝ.
වාක්‍යය :
158
۞ إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرٗا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ
නියත වශයෙන්ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි. එබැවින් කවරෙකු මෙම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කිරීමට පැමිණෙන්නේ ද එවිට ඒ දෙක අතර සක්මන් කිරීම ඔහුට වරදක් නොවේ. තවද කවරෙකු යම් යහපතක් අමතර ව කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් කෘතඥ පූර්වකය. සර්වඥානීය.
වාක්‍යය :
159
إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّٰعِنُونَ
පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත.
වාක්‍යය :
160
إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
නමුත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැරය. මා සමාව දෙන අය ඔවුහුම ය. තවද මම අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
වාක්‍යය :
161
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٌ أُوْلَٰٓئِكَ عَلَيۡهِمۡ لَعۡنَةُ ٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
වාක්‍යය :
162
خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
වාක්‍යය :
163
وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ
නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත.