වාක්‍යය :
20
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ
ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
වාක්‍යය :
21
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ
එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
වාක්‍යය :
22
إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ
නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
වාක්‍යය :
23
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ
එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
වාක්‍යය :
24
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
25
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا
මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නොකළෙමු ද?
වාක්‍යය :
26
أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا
ජීවත් වන්නන් හා මළවුන්.
වාක්‍යය :
27
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا
තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු.
වාක්‍යය :
28
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
29
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
වාක්‍යය :
30
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ
ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
වාක්‍යය :
31
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ
එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නොකරයි.
වාක්‍යය :
32
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ
නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
වාක්‍යය :
33
كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ
එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
වාක්‍යය :
34
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
35
هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ
එය ඔවුන් කතා නොකරන දිනයකි.
වාක්‍යය :
36
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ
තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
වාක්‍යය :
37
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
38
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ
මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
වාක්‍යය :
39
فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ
එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට සැළසුම් කරනු.
වාක්‍යය :
40
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
41
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ
නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
වාක්‍යය :
42
وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ
තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).
වාක්‍යය :
43
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
වාක්‍යය :
44
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
වාක්‍යය :
45
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
46
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ
නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
වාක්‍යය :
47
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
48
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ
(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
වාක්‍යය :
49
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කළවුනට එදින විනාශයයි.
වාක්‍යය :
50
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
එහෙයින් මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?