ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة النبأ - සූරා අන්-නබඋ

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
عَمَّ يَتَسَآءَلُونَ
(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
වාක්‍යය : 2
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
වාක්‍යය : 3
ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ
එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
වාක්‍යය : 4
كَلَّا سَيَعۡلَمُونَ
නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
වාක්‍යය : 5
ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ
යළි නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
වාක්‍යය : 6
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
වාක්‍යය : 7
وَٱلۡجِبَالَ أَوۡتَادٗا
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
වාක්‍යය : 8
وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
වාක්‍යය : 9
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
වාක්‍යය : 10
وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
වාක්‍යය : 11
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
වාක්‍යය : 12
وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
වාක්‍යය : 13
وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
වාක්‍යය : 14
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
වාක්‍යය : 15
لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
වාක්‍යය : 16
وَجَنَّٰتٍ أَلۡفَافًا
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
වාක්‍යය : 17
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
වාක්‍යය : 18
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
වාක්‍යය : 19
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
වාක්‍යය : 20
وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا
කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
වාක්‍යය : 21
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا
නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
වාක්‍යය : 22
لِّلطَّٰغِينَ مَـَٔابٗا
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
වාක්‍යය : 23
لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
වාක්‍යය : 24
لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
වාක්‍යය : 25
إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
වාක්‍යය : 26
جَزَآءٗ وِفَاقًا
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
වාක්‍යය : 27
إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
වාක්‍යය : 28
وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
වාක්‍යය : 29
وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
වාක්‍යය : 30
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.”

වාක්‍යය : 31
إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
වාක්‍යය : 32
حَدَآئِقَ وَأَعۡنَٰبٗا
වතු හා මිදි ද (ඇත.)
වාක්‍යය : 33
وَكَوَاعِبَ أَتۡرَابٗا
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
වාක්‍යය : 34
وَكَأۡسٗا دِهَاقٗا
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
වාක්‍යය : 35
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّٰبٗا
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
වාක්‍යය : 36
جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
වාක්‍යය : 37
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
වාක්‍යය : 38
يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا
එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නොකරයි.
වාක්‍යය : 39
ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
මෙයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
වාක්‍යය : 40
إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا
නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.
එවීම සාර්ථකයි