ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الروم - සූරා අර්-රූම්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
الٓمٓ
අලිෆ්, ලාම්, මීම්.
වාක්‍යය : 2
غُلِبَتِ ٱلرُّومُ
රෝමය පරාජයට පත් කරනු ලැබීය.
වාක්‍යය : 3
فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ
රෝම රාජ්‍යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත.
වාක්‍යය : 4
فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ
(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතුය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති.
වාක්‍යය : 5
بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
අල්ලාහ්ගේ උදව් ව මගින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා කරුණාවන්තය.

වාක්‍යය : 6
وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
තවද (රෝමය ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නොකරයි. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නොදනිති.
වාක්‍යය : 7
يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. නමුත් මතු ලොව පිළිබඳ ව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති.
වාක්‍යය : 8
أَوَلَمۡ يَتَفَكَّرُواْ فِيٓ أَنفُسِهِمۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ بِلِقَآيِٕ رَبِّهِمۡ لَكَٰفِرُونَ
තවද ඔවුහු තමන් ගැන කල්පනා නොකළෝ ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
වාක්‍යය : 9
أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
තවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝය. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූවෝය.
වාක්‍යය : 10
ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُواْ بِهَا يَسۡتَهۡزِءُونَ
පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.
වාක්‍යය : 11
ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ
අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසු ව එය නැවත නිර්මාණය කරයි. පසු ව ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
වාක්‍යය : 12
وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේදී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
වාක්‍යය : 13
وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ
ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නොවීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.
වාක්‍යය : 14
وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَتَفَرَّقُونَ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන් ව යති.
වාක්‍යය : 15
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٖ يُحۡبَرُونَ
නමුත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.

වාක්‍යය : 16
وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළ අය වූ කලී ඔවුහුම ය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ.
වාක්‍යය : 17
فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.
වාක්‍යය : 18
وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ
අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතුය. තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු).
වාක්‍යය : 19
يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
වාක්‍යය : 20
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ
නුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි.
වාක්‍යය : 21
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
තවද නුඹලා ඇය සමග වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි සිතන ජනයාට සංඥා ඇත.
වාක්‍යය : 22
وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ
තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත.
වාක්‍යය : 23
وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ
තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
වාක්‍යය : 24
وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.

වාක්‍යය : 25
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.
වාක්‍යය : 26
وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
වාක්‍යය : 27
وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය; මහා ප්‍රඥාවන්තය.
වාක්‍යය : 28
ضَرَبَ لَكُم مَّثَلٗا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٞ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡقِلُونَ
නුඹලා අතරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
වාක්‍යය : 29
بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ
නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
වාක්‍යය : 30
فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.
වාක්‍යය : 31
۞ مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නොවනු.
වාක්‍යය : 32
مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ
(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූවෝය. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.

වාක්‍යය : 33
وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ
තවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
වාක්‍යය : 34
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ
(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.
වාක්‍යය : 35
أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?
වාක්‍යය : 36
وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ
තවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමගින් සතුටු වෙති. නමුත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.
වාක්‍යය : 37
أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
තවද නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
වාක්‍යය : 38
فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ.
වාක්‍යය : 39
وَمَآ ءَاتَيۡتُم مِّن رِّبٗا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٖ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ
තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නෝ.
වාක්‍යය : 40
ٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
වාක්‍යය : 41
ظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.

වාක්‍යය : 42
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූවෝය යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 43
فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٖ يَصَّدَّعُونَ
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.
වාක්‍යය : 44
مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.
වාක්‍යය : 45
لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. නියත වශයෙන්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නොකරයි.
වාක්‍යය : 46
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.
වාක්‍යය : 47
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ
තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
වාක්‍යය : 48
ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ
සුළඟ එවනුයේ අල්ලාහ්ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
වාක්‍යය : 49
وَإِن كَانُواْ مِن قَبۡلِ أَن يُنَزَّلَ عَلَيۡهِم مِّن قَبۡلِهِۦ لَمُبۡلِسِينَ
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියෝය.
වාක්‍යය : 50
فَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

වාක්‍යය : 51
وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحٗا فَرَأَوۡهُ مُصۡفَرّٗا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ
තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූවෝය.
වාක්‍යය : 52
فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ
(නබිවරය!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද බිහිරන් පසුපසු හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.
වාක්‍යය : 53
وَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ
තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක.
වාක්‍යය : 54
۞ ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٖ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٖ قُوَّةٗ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٖ ضَعۡفٗا وَشَيۡبَةٗۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ
දුබලත්වයේ සිට නුඹලා ව මැව්වේ ඔහුය. අනතුරු ව දුබලත්වයෙන් පසු ව ඔහු ශක්තිමත් භාවයට පත් කළේය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසු ව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේය. ඔහු සර්ව ඥානීය; සර්ව බලසම්පන්නය.
වාක්‍යය : 55
وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٖۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ
තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නොසිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුන් වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ.
වාක්‍යය : 56
وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ
තවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහුය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවෝ පැවසූහ.
වාක්‍යය : 57
فَيَوۡمَئِذٖ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නොලබති.
වාක්‍යය : 58
وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ
තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින්ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන්ම පවසනු ඇත.
වාක්‍යය : 59
كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ
වටහා නොගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.
වාක්‍යය : 60
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නොකරන්නන් ඔබ ව සුළු කොට නොතැකිය යුතුය.
එවීම සාර්ථකයි