වාක්‍යය :
17
يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
වාක්‍යය :
18
بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
වාක්‍යය :
19
لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
වාක්‍යය :
20
وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ
ඔවුන් කැමති පලතුරු සමග ද;
වාක්‍යය :
21
وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
වාක්‍යය :
22
وَحُورٌ عِينٞ
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
වාක්‍යය :
23
كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.
වාක්‍යය :
24
جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
වාක්‍යය :
25
لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
වාක්‍යය :
26
إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
වාක්‍යය :
27
وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
වාක්‍යය :
28
فِي سِدۡرٖ مَّخۡضُودٖ
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
වාක්‍යය :
29
وَطَلۡحٖ مَّنضُودٖ
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
වාක්‍යය :
30
وَظِلّٖ مَّمۡدُودٖ
තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.
වාක්‍යය :
31
وَمَآءٖ مَّسۡكُوبٖ
තවද ගලා යවනු ලබන ජලය අතරය.
වාක්‍යය :
32
وَفَٰكِهَةٖ كَثِيرَةٖ
තවද බොහෝ පලතුරු අතරය.
වාක්‍යය :
33
لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
වාක්‍යය :
34
وَفُرُشٖ مَّرۡفُوعَةٍ
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.
වාක්‍යය :
35
إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
වාක්‍යය :
36
فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا
අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
වාක්‍යය :
37
عُرُبًا أَتۡرَابٗا
පෙම්බර සම වයසැති,
වාක්‍යය :
38
لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
වාක්‍යය :
39
ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
වාක්‍යය :
40
وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
වාක්‍යය :
41
وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
වාක්‍යය :
42
فِي سَمُومٖ وَحَمِيمٖ
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
වාක්‍යය :
43
وَظِلّٖ مِّن يَحۡمُومٖ
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
වාක්‍යය :
44
لَّا بَارِدٖ وَلَا كَرِيمٍ
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
වාක්‍යය :
45
إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
වාක්‍යය :
46
وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
වාක්‍යය :
47
وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
වාක්‍යය :
48
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
වාක්‍යය :
49
قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ
“නියත වශයෙන්ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය :
50
لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ
ඔවුහු සැබවින්ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.