ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة البلد - සූරා අල්-බලද්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
වාක්‍යය : 2
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
වාක්‍යය : 3
وَوَالِدٖ وَمَا وَلَدَ
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
වාක්‍යය : 4
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ
සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
වාක්‍යය : 5
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?
වාක්‍යය : 6
يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
වාක්‍යය : 7
أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
වාක්‍යය : 8
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ
අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
වාක්‍යය : 9
وَلِسَانٗا وَشَفَتَيۡنِ
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
වාක්‍යය : 10
وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
වාක්‍යය : 11
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
වාක්‍යය : 12
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
වාක්‍යය : 13
فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම;
වාක්‍යය : 14
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
වාක්‍යය : 15
يَتِيمٗا ذَا مَقۡرَبَةٍ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
වාක්‍යය : 16
أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
වාක්‍යය : 17
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
වාක්‍යය : 18
أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
වාක්‍යය : 19
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
වාක්‍යය : 20
عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ
ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.
එවීම සාර්ථකයි