වාක්‍යය :
1
عَبَسَ وَتَوَلَّىٰٓ
ඔහු මුහුණ හකුළා හැරුනේය.
වාක්‍යය :
2
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
වාක්‍යය :
3
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
වාක්‍යය :
4
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
වාක්‍යය :
5
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
වාක්‍යය :
6
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
වාක්‍යය :
7
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
වාක්‍යය :
8
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
වාක්‍යය :
9
وَهُوَ يَخۡشَىٰ
"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
වාක්‍යය :
10
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
නුඹ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
වාක්‍යය :
11
كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ
එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.
වාක්‍යය :
12
فَمَن شَآءَ ذَكَرَهُۥ
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
වාක්‍යය :
13
فِي صُحُفٖ مُّكَرَّمَةٖ
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
වාක්‍යය :
14
مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
වාක්‍යය :
15
بِأَيۡدِي سَفَرَةٖ
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
වාක්‍යය :
16
كِرَامِۭ بَرَرَةٖ
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)
වාක්‍යය :
17
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
මිනිසාට ශාපය අත් වේවා! ඔහු ව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
වාක්‍යය :
18
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
වාක්‍යය :
19
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
වාක්‍යය :
20
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
වාක්‍යය :
21
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
වාක්‍යය :
22
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
වාක්‍යය :
23
كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
වාක්‍යය :
24
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
වාක්‍යය :
25
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
වාක්‍යය :
26
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
වාක්‍යය :
27
فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
වාක්‍යය :
28
وَعِنَبٗا وَقَضۡبٗا
මිදි හා එළවළු ද
වාක්‍යය :
29
وَزَيۡتُونٗا وَنَخۡلٗا
ඔලිව් හා රටඉඳි ද
වාක්‍යය :
30
وَحَدَآئِقَ غُلۡبٗا
ඝණ උයන් ද
වාක්‍යය :
31
وَفَٰكِهَةٗ وَأَبّٗا
පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
වාක්‍යය :
32
مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
වාක්‍යය :
33
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
එබැවින් මහා හඬ පැමිණි විට,
වාක්‍යය :
34
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
වාක්‍යය :
35
وَأُمِّهِۦ وَأَبِيهِ
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
වාක්‍යය :
36
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
වාක්‍යය :
37
لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
වාක්‍යය :
38
وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
වාක්‍යය :
39
ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
වාක්‍යය :
40
وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
වාක්‍යය :
41
تَرۡهَقُهَا قَتَرَةٌ
අඳුර ඒවා වසා ගනු ඇත.
වාක්‍යය :
42
أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ
ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.