ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة النازعات - සූරා අන්-නාසිආත්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය
Share this page

වාක්‍යය : 1
وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا
සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
වාක්‍යය : 2
وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
වාක්‍යය : 3
وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
වාක්‍යය : 4
فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
වාක්‍යය : 5
فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
වාක්‍යය : 6
يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
වාක්‍යය : 7
تَتۡبَعُهَا ٱلرَّادِفَةُ
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
වාක්‍යය : 8
قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
වාක්‍යය : 9
أَبۡصَٰرُهَا خَٰشِعَةٞ
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
වාක්‍යය : 10
يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ
“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්නෙම්දැ” යි ඔවුහු පවසති.
වාක්‍යය : 11
أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
වාක්‍යය : 12
قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
වාක්‍යය : 13
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
වාක්‍යය : 14
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
වාක්‍යය : 15
هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේද?

වාක්‍යය : 16
إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى
ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
වාක්‍යය : 17
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
වාක්‍යය : 18
فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
වාක්‍යය : 19
وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
වාක්‍යය : 20
فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
වාක්‍යය : 21
فَكَذَّبَ وَعَصَىٰ
නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා පිටුපෑවේය.
වාක්‍යය : 22
ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ
පසු ව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
වාක්‍යය : 23
فَحَشَرَ فَنَادَىٰ
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේය.
වාක්‍යය : 24
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 25
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
වාක්‍යය : 26
إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ
නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
වාක්‍යය : 27
ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
වාක්‍යය : 28
رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا
ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
වාක්‍යය : 29
وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
වාක්‍යය : 30
وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේය.
වාක්‍යය : 31
أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වීය.
වාක්‍යය : 32
وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය.
වාක්‍යය : 33
مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
වාක්‍යය : 34
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
වාක්‍යය : 35
يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
වාක්‍යය : 36
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ
තවද නරඹන්නන් හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.
වාක්‍යය : 37
فَأَمَّا مَن طَغَىٰ
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
වාක්‍යය : 38
وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
වාක්‍යය : 39
فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ
සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
වාක්‍යය : 40
وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
වාක්‍යය : 41
فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ
සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
වාක්‍යය : 42
يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا
එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
වාක්‍යය : 43
فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?
වාක්‍යය : 44
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
වාක්‍යය : 45
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
වාක්‍යය : 46
كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا
සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.
එවීම සාර්ථකයි